බුලත්සිංහල පොලිසියේ ත්‍රීරෝද රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකු තුවාල ලබා තිබෙනවා.
සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම ත්‍රී රෝද රථය අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේදී මාර්ගය පසෙක වූ කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්ව තිබෙනවා.
එහිදී පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකුත් තුවාල ලැබූ බවයි අගලවත්ත පොලිසිය පැවසුවේ.
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිසියට අනුයුක්ත නඩු මෙහෙයුම් රාජකාරියේ නිරත පොලිස් සැරයන් 7661 රෝහිත නැමැති නිලධාරියෙක්.