පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැක කරන බුද්ධ ප්‍රතිමාවක් හා මැණික් බවට සැකකරන නිල් පැහැති ගල් තුනක් සමග සැකකාරියක් තිදෙනෙක් සහ සැකකරුවන් දෙදෙනෙක් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත දෙහිඅත්තකණ්ඩිය, සල්පිටිගම, සඳුන්පුර මාර්ගයේ සල්පිටිගම ප්‍රදේශයේදී ඊයේ(15) සවස මාර්ග බාධක යොදා ත්‍රීරෝද රථයක් පරීක්‍ෂා කර තිබෙනවා.
එහිදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් බවට සැක කරන නිල් පැහැති ගල් ත-ුනක් සමග සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් තිදෙනෙක් සමග ත්‍රීරෝද රථයක් ඇතුළු කැණීම් උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 32 හා 62 අතර වයස්වල පසුවන බිබිල හා මිණිපේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 26, 53 හා 55 යන වයස්වල පසුවන මහියංගණය හා රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචිකාරියන් බවද පොලිසිය පවසනවා.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














