ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල සියලු තොරතුරු ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
පසුගියදා මෙරටට පැමිණ ඇති ඇමෙරිකානු ආරක්ෂක නිලධාරින් සම්බන්ධයෙන් රජය පැහැදිලි තොරතුරක් ජනතාවට ලබා දී ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සදහන් කළේ.
මේ සම්බන්දයෙන් කඩිනමින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද විමල් වීරවංශ මහතා සදහන් කළා.