
බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ පහළොව කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අදාළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ දෙදෙනා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.














