සෙට්ටිකුලම පොලිස් වසමේ මාන්කුලම් නගරයේදී සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ දින වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් සොයා ගෙන තිබෙනවා.
බීඩි කොළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ පාර්සල් 40 ක් ඇසුරුම් කර ප්‍රවාහනය කරමින් සිටියදියි පොලිසියට හසුවී ඇත්තේ.
බීඩි කොළ තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකුකැබ් රථයක් හා කාර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.