දෙවුන්දරට දකුණින් වූ මුහුදු කලාපයේදී නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට ගෙනැවිත් තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එහිදී සිදු කරන ලද පරීක්ෂාවලදී හෙළිව ඇත්තේ එහිදී සොයාගැනුණු දෑ මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවයි.
ඊයේ(15) දිනයේදී නාවික හමුදා භාරයට ගැනුණු අදාළ නෞකාවේ මත්ද්‍රව්‍ය අඩංගු උර 6ක් තිබී ඇති අතර ඒවා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අදාළ මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවේ සිටි පුද්ගලයන් 5 දෙනෙක්ද නාවික හමුදා භාරයට ගෙන දික්ඕවිට වරායට ගෙන ඒමෙන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මත්ද්‍රවය ප්‍රවාහනය කළ බවට සැක කරන තවත් බහුදින යාත්‍රාවක් බේරුවල මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.














