විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක සිට බිඳ වැටීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සඳහා අයදුම්පත යොමු කිරීම ඇතුළු සේවාවන් සඳහා බාධා සිදුව ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පසුගිය අප්‍රේල් මස පළමු සතියේදී එම දත්ත පද්ධතිය බිඳ වැටීමට ලක්වූ අතර මේ වන විට වෙනත් තාවකාලික වැඩපිළිවෙලක් යොදා ගනිමින් සේවාවන් ලබා දීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත් අදාළ සේවාවන් හි යම් මන්දගාමී තත්ත්වයක් පවතින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
අදාළ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර එම තාවකාලික තාක්ෂණික බිඳ වැටීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම, විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම, වැන්දඹු අනත්දරු ලියාපදිංචිය, විදේශගත වන නිලධාරීන් සඳහා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ප්‍රේෂණ කළමනාකරණය කිරීම වැනි අත්‍යවශ්‍ය මාර්ගගත සේවාවන් කිසිවක් අඩාල වී නොමැති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙන්නේ.