බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනා කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.
ඒ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන අඟුණුකොළපැලැස්ස් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර අපේක්ෂක සම්පත් මනම්පේරි නමත්තාගෙන් අනාවරණ වූ තොරතුරු තමයි.
කේරළ ගංජා කිලෝ 6යි ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර සම්පත් මනම්පේරී නමැත්තා දින හතක රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කළා.
සම්පත් මනම්පේරී නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව කොල්ලකෑම් ද සිදුකර රක්ෂිත බන්ධනාගාර ගතව සිට බවට විමර්ශනවලදී හෙළිව තිබෙනවා.