හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27යි මාස 03 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින්.
2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබූ අතර, එම මැතිවරණය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට චෝදනා එල්ල වී තිබුණා.
නඩු විභාගය සිදු කළ විනිසුරුවරුන් හතර දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර, එක් අයෙකු ඔහුව නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වනවිට නිවාස අඩස්සියේ සිටින බොල්සොනාරෝ නඩු විභාගය සඳහා සහභාගී කර තිබුණේ නැහැ.