රථ වාහන අනතුරු වැරදිවලින් සියයට 53ක්ම රියදුරන් නිසා සිදුවන ඒවා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
කොතරම් දඩ නියම කළ ද වැරදි කරන පුද්ගලයින්ගේ අඩුවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ .
සෑම බස් රථයක්ම මසකට වරක් පරීක්ෂා කිරීමේ නීතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ.
රථ වාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් කොළඹ දී පැවැත්වුණා.
ඒ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රදානත්වයෙන්.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ , බස්නාහිර පළාත් රථ වාහන භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර යන මහත්වරුන් ද ඊට එක්ව සිටියා.
උණුසුම් පුවත්
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්














