පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමොටෙයි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(12) සවස් කාලයේ පරන්තන් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වූ මගී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක මුහුණට මුහුණ ගැටිමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් කාර් රථයේ රියදුරා සහ එහි ගමන් කළ පිරිමි පුද්ගලයන් හතර දෙනෙක් බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදි රියදුරා සහ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මරණයට පත්වූවන් අවුරුදු 32, 34 සහ 46 යන වයස්වල පසුවූ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය කියා සිටියේ.
තුවාලකරු කිළිනොච්චිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියදුරාද ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෘතදේහ කිළිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිළිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













