බස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ කොළඹ විශ්වවිද්‍යාලයේදීයි.
දුගී බව තුරන් කිරීම, සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම, ස්වයං රැකියා දිරිගැන්වීම,ඇතුළු අංශ රැසක සංවර්ධනය සඳහා යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා.
යෝජනා ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල විද්වතුන් කියා සිටියේ මෙතෙක් පැවති කිසිදු රජයක් දිස්ත්‍රික් සංවර්ධනය සඳහා මෙලෙස අදහස් ලබා ගැනීමට කටයුතු නොකළ බවයි.
ඉදිරියේදී බස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පූර්ණ සහාය ලබාදීමට ආචාර්ය මහාචාර්යවරුන් මෙහිදී කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වුනේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයත් කොළඹ විශ්ව විද්‍යාලයක් ඒකාබද්ධව මෙම සංවර්ධන කථිකාවත සංවිධානය කර තිබුණා.
උණුසුම් පුවත්
- නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
- කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
- නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
- අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
- අද දවසේ කාලගුණ තත්ත්වය














