වහල මත සවි කරන සූරිය පැනල සහ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති හරහා උත්පාදනය කෙරෙන විදුලි බලය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිල දී ගැනීමේදී පාරිභෝගිකයින්ට ගෙවන ගාස්තු පහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ, කිලෝ වොට් 500 ට අඩු ව්‍යාපෘති සදහා ගෙවන ඒකක ගාස්තුව රුපියල් 27. 6 ක් දක්වාත්, කිලෝ වොට් 500 ට වැඩි ධාරිතාවක් සහිත ව්‍යාපෘති සදහා ඒකකයකට ගෙවන ගාස්තුව රුපියල් 23. 18 දක්වා පහළ දැමූ බවයි.