විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අවලංගු කිරීමට නියෝග කර තිබෙනවා.
ඔහුගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා විසින් පසුගියදා 15 වෙනිදා ඒ මහතා වෙත ලිපියක් නිකුත් කර තිබුනා.
ඒ සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අනුමැතිය ලබා දී ඇති බවත් ලේකම්වරයා සිය ලිපිය මඟින් අධ්‍යක්ෂ ජනරාල් නිරෝෂන් මහතා වෙත දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ලිපියක් යොමු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම අවලංගු කරන ලෙසයි
උණුසුම් පුවත්
- අධික වර්ෂාව හේතුවෙන් බෝග වගාවන්ට සිදු වූ හානිය පිළිබඳ ගණනය ආරම්භයි
- ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
- රාජ්‍ය සේවයට නව පත්වීම් අට දහසක් !
- පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට විපක්ෂනායකගේ විරෝධය – VIDEO –
- කෙහෙලියට එරෙහි තවත් නඩුවකට දින දෙයි
- පූනාගල නිවාස 50 කට යටිතල පහසුකම්
- රාජ්‍ය සේවයේ නව බදවා ගැනීම් සදහා කැබිනට් අනුමැතිය
- බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට













