Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලය ගන්න කලින් ජවිපෙ වැඩ අල්ලයි – Video

    බලය ගන්න කලින් ජවිපෙ වැඩ අල්ලයි – Video

    UNP අපේක්ෂකයෙකුගේ පියාට නිරුවත් කර ගස් බැඳ පහර දෙයි
    2023-01-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයට කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින පුතාට ඉන් ඉවත්වන ලෙස දන්වමින් ඡාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් අදාළ අපේක්ෂකයාගේ පියා නිරුවත් කොට කොන්ක්‍රීට් කණුවක බැද පහරදීමේ පුවතක් කැබිතිගොල්ලෑව 2 කණුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ඉහළවැව කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි 62 හැවිරිදි  ඒ. පියරත්න නැමැති විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි.

    අද(27) අළුයම 2.20 ට පමණ මෙම සිදු වීම සිදුව ඇති බවයි වී නිව්ස් වාර්තාකරු පවසන්නේ.

    තමන් විසින් වසර ගණනාවක් රකිමින් සිටින පොල් වගාව වල් අලින්ගෙන් බේරාගැනීම සඳහා පොල්වත්තට පැමිණි එහි තිබූ තාවකාලික නිවසේ නිදාගනිමින් සිටියදී අළුයම 2.20 ට පමන කිසියම් පුද්ගලයෙකු දොරට තට්ටු කරණු ඇසී මෙම පහරකෑමට ලක් වූ පියරත්න මහතා දෙර ඇර කවුරුන්ද යන්න විමසා තිබෙනවා.

    ඒ සමගම එක්වරම ගේ ඇතුලට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විදුලිය විසන්ධි කර ඇති තිබෙනවා.

    අනතුරුව තවත් අයෙකු පියරත්න මහතා අල්ලාගෙන සිට ඇති අතර අනතුරුව පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තමන් සමගි ජන බලවේගයේ කියා පවසා ඇත.

    අනතුරුව මෙම පුද්ගලයාට පහරදී  නිරුවත් කොට නිවස පිටුපස ඉදිකරමින් තිබෙන ජල ටැංකියේ කොන්ක්‍රීට් කණුවක බැද තිබෙනවා.

    එහිදී පහර දුන් පිරිස පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින පුතාට ඉන් ඉවත් වෙන ලෙස දන්වා මෙම පුද්ගලයා පිලිස්සීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ හඬ ඇසී අසල සිටි පිරිසක් පැමිණ ඇති අතර එහිදී පහරදීමට පැමිණි පිරිස පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

    අනතුරුව පැමිණි පිරිස එක්වී මෙම පුද්ගලයා කැබිතිගොල්ලෑව රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

    ඒ අනුව අප කළ විමසීමේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින බුද්ධික වත්තේවැව මහතා තම පියාට සිදු වූ පහරදීම පිළිබඳ මෙලෙස අදහස් දක්වා සිටියා.

    අපේ තාත්තාට හතුරෝ නෑ. එයා මීට පෙර ජේ.වී.පී එකට තමයි සහය දුන්නේ. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයේ. මේ පහරදීම සමගි ජන බලවේගයෙන් කළ එකක් නොවේ කියලයි මට වැටහෙන්නේ. මේ පහරදීම සිදු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් (ඡාතික ජන බලවේගයේ) ආධාරකරුවන් පිරිසක් කියන එකයි අපි හැමෝම සැකකරන්නේ. මේ වගේ සිදු වීමක් යළි සිදු නොවන්න බලධාරින් වග බලාගත යුතුයි කියන දේ තමයි මට කියන්න තියෙන්නේ.

    මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ කැබිතිගොල්ලෑව පොලිසිය සිදු කරනු ලබනවා.

    සජිත් ගයාන් උබේපාල – මැදවච්චය

     

     

    පෙර පුව​තමහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක්
    ඊළඟ පුව​ත නිදහස් දින පෙරහුරු හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group