බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හංවැල්ල ප්‍රදේශයේදීත් බලත්‍ර නොමැතිව ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ බලපත්‍ර නොමැතිව ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊයේ(20) අලුයම් කාලයේදී කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2000ක් අඩංගු බැරල් 10ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 25ක් පමණ වන කැටඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
කොටහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර හංවැල්ල පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ එහිදී බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන සිටි ඩීසල් ලීටර් 645ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 31ක් පමණ වන ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












