බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා.
හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වෑන් රථයක් නතර කර පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ ඖෂධ බවට අනුමාන කළ හැකි පෙති අඩංගු ඇසුරුම් 64ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වුනේ.
එම වෑන් රථයේ සිටි කාන්තාවට එම ඖෂධ සම්බන්ධයෙන් නිෂ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකිවීම මත කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.
සැකකාරිය අවුරුදු 29ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













