තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් 12 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු අද(20) දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා පවසනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වතු යායේ එන්.සී. කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි මෙලෙස බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
තේ පඳුරක් මත බැද තිබූ බඹර කූඩුවක් වතු කම්කරු කාන්තාවකගේ පයේ ගැටීමෙන් පසු බඹරුන් ඇවිස්සී තමන්ට පහර දුන් බවයි බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.