බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් දහසය දෙනෙකුට ලබන ජූලි මස දෙවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙකු, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වනවා. මේ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක මහතා බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහතා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරු කර යවා තිබෙනවා. වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරා වන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මහතා මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් මහතා වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
- මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
- සූරියකන්ද පොලිසියේ කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි?
- දිට්වා සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ සියලු දෙනාට සෙත්පතා ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක්
- ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට













