සියලු ශ්‍රේණිවලට අයත් බන්ධනාගාර නිලධාරීන් අද පෙරවරු 6 සිට අනිද්දා පෙරවරු 6 දක්වා දින දෙකක් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා.
අධික ජීවන බරින් මිරිකී සිටින බන්ධනාගාර නිලධාරීන්ය රුපියල් 2500ක දීමනාවක් හෝ සියයට 40ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත්තේ.
මේ සඳහා සියලුම ශ්රේණියල බන්ධනාගාර නිලධාරීන් සහභාගීවන අතර, බන්ධනාගාර අධිකාරීවරුන්ට සහ බන්ධනාගාර සහකාර අධිකාරීවරුන්ට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගීවන ලෙසද ආරාධනා කර තිබෙනවා.