
ලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ , ඇසුරුම් කළ හෙරොයින් පැකට් දහසක්ද සමගයි.
හාලිඇළ ප්‍රදේශයේ නිවසක පදිංචි 28 හා 30 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවලට මත්කුඩු බෙදාහරින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව සිදු කළ විමර්ශන වලදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමටයි හැකිව තිබුණේ.














