රාගම බටුවත්ත ප්‍රදේශයේ දී පසුගිය තුන් වැනිදා රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්ය්‍යාංශය විසින් රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරු තවත් පුද්ගලයෙකුද සමගින් මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් නවයයි ග්‍රෑම් 220 ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 67 යි ග්‍රෑම් 520 ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර නවය වර්ගයේ ගිනි අවි ජීව උණ්ඩ 10 ක්, කඩුවක්, ගුවන් හමුදා නිළ ඇදුම්, ජංගම දුරකථන හතරක්, ලැප්ටොප් පරිගණකයක් සහ තරාදි හතරක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ යතුරුපැදියක්ද එම අවස්ථාවේ දී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













