අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බල ගිය ජනතාවට කොළඹට පැමිණීමට අවශ්‍ය පෞද්ගලික බස් සේවා තව දුරටත් ඉහළ නංවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට 75%කින් පෞද්ගලික බස් ධාවනය ඉහළ දමන බවයි.
ගම බිම් බලා ගිය ජනතාව මේ ආකාරයෙන් කොටස් ලෙස යලිත් කොළඹට පැමිණීම හේතුවෙන් ඇති වීමට තිබු මගී තදබදය අවම වී ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.