ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි නිසි වෙලාවේදී හඳුන්වාදීමක් සිදුකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ දේශපාලනික ඕපාදුප නොව රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රට හමුවේ තැබීමට සියලු පක්ෂ කටයුතු කළ යුතු බවයි.
මේ අතර ඊයේ මහනුවරදී මාධ්‍ය අමතමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කලේ එළඹෙන මැතිවරණයේදී පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.