පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙක්.
වැලිසර ළය රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද උදෑසන මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ..
වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර තිබුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.
උණුසුම් පුවත්
- රුපියල් මිලියන 41කට අධික කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- 2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
- තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සැරසෙයි.
- ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
- තැන් දෙකක ඝාතන දෙකක්
- දිවයිනට රැගෙන ආ රතු වරෙන්තුකරුවන්
- නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි.
- පැපොල රෝගයට ලබා දෙන ඖෂධ හිඟයක් නැහැ