බගවන්තලාව පොලිසියේ බැරැක්කයේ නිදාගෙන සිටි පොලිස් කොස්තාප්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධයකින් ඇන බරපතල ලෙස තුවාල සිදුකිරීම හේතුවෙන් එම පොලිස් කොස්තාපල්වරයා අද(07) දින අලුයම දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අධික ලෙස බීමත්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් ස්ථානය තුළදී ඊයේ(06) රාත්‍රීයේ බහින්බස්වීමක් සිදුව ඇති බවත් පසුව බහින්බස්වීමට සම්බන්ධ වූ අනෙක් පොලිස් කොස්තාපල්වරයා නිදා සිටියදී තියුණු ආයුධයකින් උදරයට ඇන තුවාල සිදුකර ඇති බවයි හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ fාපලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා කියා සිටියේ.
මැණික් ජාවාරම්කරුවන් සමග සෘජු සම්බන්ධකම් පවත්වන බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන් රාත්‍රී කාලයේ අධික ලෙස බීමත්ව සිටින බවයි බගවන්තලාව ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් බගවන්තලාව පොලිසිය සම්බන්ධයෙන් මහජනතාව නගන චෝදනා සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි ජ්‍යෙෂ්ඨ fාපලිස් අධිකාරිවරයා කියා සිටියේ.














