හෝකන්දර ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් කාර් රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.
ඔවුන් සන්තකයේ තිබූ කේරළ ගංජා 1kg යි 800g ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරු සහ සැකකාරිය පැමිණි කාර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කිරීමේදී අධික වේගයෙන් ධාවනය කර ඇති අතර පසුව කාර් රථයේ රෝදයකට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී කාර් රථය විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර රථයේ රියදුරු අසුන ළඟ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් පදිංචිව සිටි නිවසේ තිබී තවත් කේරළ ගංජා 1kgක් සහ ජාවාරම සඳහා යොදා ගත් තරාදියක්ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාලබේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.