පාරිභෝගිකයන් විසින් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී නොමිලේ ලබා දෙන පොලිතීන් මලු සදහා මුදල් අයකර ගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
පොලිතින් භාවිතය තුළින් සිදුවන පාරිසරික විනාශය වැළැක්වීමේ අරමුණින් මෙම නව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.
ඒ අනුව මෙම නීතිය ලබන ලබන නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ.
පොලිතින් මලු භාවිතය අවම කිරීම සඳහා ඒ මත කිසියම් බද්දක් පැනවීමට පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් එකඟතාවය පළ කර තිබුණ ද එය ක්‍රියාත්මක නොවීම මත පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මොසමක් ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාලවරිය සඳහන් කළේ නොවැම්බර් මස පළවනදා සිට පොලිතින් මලු සඳහා කිසියම් ගාස්තුවක් අයකිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
උණුසුම් පුවත්
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකුට දිවි අහිමි වෙයි
- කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
- රට තුල පොහොර හිගයක් නෙමැති බවට සහතිකයක්
- රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක්
- රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්
- වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
- ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
- ශ්‍රී ලංකා සහ බංගලාදේශ පොඩ්ඩෝ අතර තරගාවලියක්










