අප්‍රෙල් 20 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා පොදු සමා කාලය යටතේ හමුදා සාමාජිකයින් 12,066ක් සේවයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව රෙජිමේන්තු වෙත වාර්තා කිරීමෙන් පසු හමුදා සාමාජිකයන් 11,985ක් සහ විදේශගතව සිටින හමුදා සාමාජිකයන් 81 දෙනෙකු මෙලෙෂ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි හමුදා මූලස්ථානය සඳහන් කළේ.
හමුදා සේවයෙන් ඉවත් වීමට ලබා දුන් පොදු සමා කාලය ලබන 20 වැනිදා අවසන් වීමට නියමිතයි.