බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ ගැටී එන්ජිම තුළ සිරවී සිටියදී අනතුර සිදුවූ ස්ථානයේ ගැරේජයක සේවක පිරිසක් සහ එම ගැරේජය අයිති හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා විසින් එම කාන්තාව එන්ජිම තුළින් ඉවතට ගෙන අද(28) දින දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අද(28) පස්වරු 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීයි.
පොඩි මැණිකේ දුම්රිය සෙමෙන් ධාවනය වූ බවත් දුම්රිය අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව දිගු වේලාවක් දුම්රිය මාර්ගය අසල රැඳී සිටි බවයි එම ගැරේජයේ සේවකයින් කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂන සිදු කරනු ලබනවා.
මේ අතර ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානිකර ගැනීමට තැත්කළ කාන්තාවක් බේරාගෙන අද(28) දින ලිඳුල රෝහල වෙත යොමු කිරීමට තලවකැලේ නගරයේ තරුණය්න පිරිස්ක පියවර ගෙන තිබෙනවා.
අද(28) උදෑසන 11ට පමණ නගරයේ රැඳී සිටි කාන්තාවක් එක්වරම ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇති බවත් පසුව ඇයව ජලාශයෙන් ගොඩට ගෙන ලිඳුල රෝහල වෙත යොමු කළ බවත් කාන්තාව බේරාගත් තරුණයන් පවසනවා.