පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේදී තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කළ වැටලීමකදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවෙකු කැනීම් උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වන සූරියආර, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













