පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නූරිය, බස්නාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ නූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි.
එම වැටලීමේදී ඇමෝනියා සල්ෆර් ග්‍රෑම් 10.6ක් බ්ලාස්ටර් පවුඩර් ග්‍රෑම් 20.3ක් මෝටර් ජෙල් ග්‍රෑම් 7.5ක් බර කල් කොටසක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 51ක් වන වියේ පසුවන බස්නාගල, නූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නූරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.