පිරිමි ළමයෙකු දින හයකට පසුව වෙනත් රටකින් හමු වුණ පුවතක් බංගලාදේශයෙන් වාර්තා වනවා.
15 හැවිරිදි මෙම පිරිමි දරුවා මෙසේ හැංඟිමුත්තන් ක්රීඩාවක් සිදු කරන අතරතුර බංග්ලාදේශයේ නැව් කන්ටේනරයක් තුළ සැඟවී ඇති අතර, පසු ව කන්ටේනරය අගුළු දමා මැලේසියාව බලා යාත්රා කොට ඇති බව සඳහන්.
ජනවාරි 11 වැනි දින මෙම දරුවා චිතගොං වරාය නගරයේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී අදාළ අවස්ථාවට මුහුණ පා තිබෙනවා .
අනතුරුව එම කන්ටේනරය මැලේසියාව බලා ගමන් කරන වාණිජ නෞකාවකට පටවා ඇති අතර, එහි දී දින හයකට පසු ජනවාරි 17 වැනි දින මෙම දරුවා මැලේසියාවේ බටහිර වරායේ දී එරට බලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.