කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විරම්ශන කාර්යාංශයේ සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද(29) රැගෙනවිත් තිබෙනවා.
අදාළ නඩුව අද දිනයේ යළි කැඳවීමට නියමිත අතර සිද්ධියට මුහුණ දුන් පියතුමා ඇතුළු පිරිසක්ද අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණා.










