පිටිගල, ගුරුවෙල ප්‍රදේශයේදී වෙළඳ සැලක් අසලදී ඊයේ රාත්‍රී කාලයේ සිදු කළ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා ගල්ළිඳ ප්‍රාදේශීය රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම වෙඩිතැබීම සඳහ ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුරය විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අගමැතිනියට
- කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- බිත්තර මිල පහළට
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
- සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
- රත්‍රං මිල ඉහලට
- විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 වැනිදා