ඊයේ පස්වරුවේ පිටකොටුව පළමු හරස් වීදීයේ විද්‍යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඊයේ පස්වරුවේ ඇති වූ මෙම ගින්න මැඩපැවැත්වීමට පැය 12ක පමණ කාලයක් ගතවී තිබුනා.
ඒ සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය මෙන්ම ගුවන් හමුදාව සහ නාවික හමුදාවද යෙදවීමටයි පියවර ගැණුනේ.
ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 15ක් පමණ මෙන්ම ගුවන් හමුදාවේ බෙල් – 212 හෙළිකොප්ටරයක් ද යොදා ගැණුනා.