පෑලියගොඩ, දිප්පිටිගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම සිද්ධිය වන අවස්ථාවේ පැනයාමට උත්සහ කළ තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී තුවාල ලැබූ පුද්ගලයන් වයස අවුරුදු 24,34 සහ 44 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය, අංගොඩ, පෑලියගොඩ සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද අනාවරණය වී තිබෙනවා.
වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිණිඅවියන් භාවිතා කර ඇති අතර, පළාගිය සැකකරුවන් සොයා පෑලියගොඩ පොලීසිය වැඩිදුරය විමර්ශන කරන බවයි පොලීසිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













