උතුරු පැසිෆික් සාගර කාලාපයේ රුසියාවේ කුලිර් දූපත් ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.2 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
රුසියාවේ සකාලින් ඔබ්ලාස්ට් සිට කිලෝමීටර 94 ක් දුරින් මෙම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙහි ප්‍රබලත්වය රුසියාවේ සහ ජපානයේ බොහෝ ප්‍රදේශ වලට දැනී ඇති නමුත් කිසිදු සුනාමි අනතුරු ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවද වාර්තා වනවා.
පැසිෆික් භූ කම්පන මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ ඇති විය හැකි පසු කම්පන සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසු විය යුතු බවයි.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














