Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(16) සමත් වූවා.

    ඒ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලබමින්.

    තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කසියලු දෙනා දැවී ලකුණු 181ක් ලබාගැනීමට සමත් වූවා.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාර්ෂ් සහ ට්‍රැවිස් හෙඩ් අර්ධ ශතක රැස් කිරිමට සමත් වූවා.

    Mitchell Marsh ලකුණු 54ක් ලබාගැනීමට සමත් වූ අතර Travis Head ලකුණු 56ක් ලබාගැනිමට සමත් වූවා.

    Josh Inglis ලකුණු 27කටත් Glenn Maxwell ලකුණු 22කටත් දැවී ගියා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩයමේ දුෂාන් හේමන්ත කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

    මහීස් තික්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කරගැනිමට සමත් වූවා.

    එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලබාගත් ලකුණු 100 තරගයේ ජයග්‍රහණය දැඩි ලෙස බලපෑම් කළා.

    පැතුම් සිය ශතක රැස් කිරීමේදී පන්දු 52කදී හයේ පහර පහක් සහ හතරේ පහර 10ක් එල්ල කර තිබෙනවා.

    එසේම ඊට අනගි සහයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් පන්දු 38කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් ලබාගැනීමට සමත් වූවා.

    කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමෙන් අනතුරුව පැතුම් සමග එක්වූ පවන් රත්නායක පන්දු 15කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 28ක් ලබාගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රහනය තහවුරු කරගනු ලැබුවා.

    පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Marcus Stoinis කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ පැතුම් නිශ්ශංකයි.

    ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළැඹෙන 19 වැනිදා සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි.

    T20 world cup 2026
    පෙර පුව​තමතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    ඊළඟ පුව​ත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group