Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසලෙන් ඉවත් වූ 10 වසරේ සිසුවා සාමන්‍ය පෙළ ලියා A9ක් ගනී – Video

    පාසලෙන් ඉවත් වූ 10 වසරේ සිසුවා සාමන්‍ය පෙළ ලියා A9ක් ගනී – Video

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2022-11-30කියවීමට මිනිත්තු 3ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙක් පාසලෙන් ඉවත් වී 2021 වසරේ පැවති අපොස සමාන්‍ය පෙල විභාගයට පෞද්ගලිකව පෙනී සිට A සමාර්ථ 9ක් ලබාගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    හැටන් විල්ප්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි බොරල ලියනගේ උජිත චිත්මාල් ඉරංජින් සිසුවා වසර 08 කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා 2016 වසරේ දිවයිනට පැමිණ තිබෙනවා.

    එම සිසුවා ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයෙන් පහේ ශිෂ්‍යත්වයට පෙනි සිට එම විභාගයෙන්ද  169 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් ව තිබෙනවා.

    එම සිසුවා ඉන් අනතුරුව 9 වසරේ සිට හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ මුල් කාර්තුව දක්වා අධ්‍යාපනය ලබා 2021 වසරේ අපොස සමාන්‍ය පෙල විභාගය පැවැත්විමට ප්‍රථම පාසලෙන් ඉවත්ව එම විභාගයට පෞද්ගලිකව පෙනී සිටීම සඳහා අයදුම් කර තිබෙනවා.

    උජිත චිත්මාල් ඉරංජින් සිසුවා සිය ජයග්‍රහණය ගැන මෙලෙස අදහස් දැක්වූවා.

    “මගේ තාත්තා ගණිත ගුරුවරයෙක් මව හැටන් ගේබ්‍රියල් පාසලේ ඉංග්‍රිසි ගුරුවරියක් මට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා.

    අක්කා 2023 වසරේ අපොස උසස්පෙල පෙනි සිටින්න සුදානම් වෙනවා. මම දෙමව්පියන්ට කිව්වා නියමිත කාලයට ප්‍රථම අපොස සමාන්‍යපෙල විභාගයට පෙනි සිටින්න ඕනි කියලා.

    රජයේ පාසලක අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට අධ්‍යාපනය ලබමින් සිටියදි පෞද්ගලිකව විභාග අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින්න බැරි නිසා මම පාසලෙන් ඉවත්වෙලා අපොස සපෙල විභාගයේ සියළුම විෂය නිර්දේශයන් සම්පුර්ණයෙන්ම ආවරණය කරලා විභාගයට පෙනි සිටියා.

    ඒ සදහා මගේ ගුරුවරුන්ගෙනුත්, මගේ දෙමව්පියන්ගෙන් සහ සහෝදරියන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

    මගේ කැපවිම , උනන්දුව , අධිෂ්ඨානය තිබුණ නිසා මගේ තාත්තයි අම්මයි මට උපරිම සහයෝගය ලබා දුන්නා.

    ඒ අනුව තමයි මම පාසල් සිසුවෙක් වශයෙන්  2022 වසරේ අපොස සමාන්‍යපෙල විභාගයට පෙනි සිටිමට ප්‍රථම 2021 වසරේ පෞද්ගලිකවම විභාගයට පෙනි ඉදලා විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගත්තේ.

    කැපවිමයි, උනන්දුවයි , අධිෂ්ඨානයයි තියෙනවානම් ඕන කෙනෙකුට මේ වගේ කරන්න පුළුවන්.

    2023 වසරේ මම අපොස උසස්පෙල විභාගයට ජිව විද්‍යා අංශයෙන් පෙනි සිටින්න සුදානම් වෙනවා.

    මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන්න.”

    එම සිසුවාගේ මව වන ඉන්දිකා සුදර්ශනි මහත්මිය අදහස් දැක්වමින් මෙලෙස කියා සිටියා.

    “මමයි මගේ මහත්තයයි දෙන්නම ගුරුවරුන්. මහත්තයා දැන් ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු වල නියැලි සිටිනවා.

    මගේ ළමයි තුන්දෙනා ඉගෙන ගන්න හරිම දක්ෂයි. දෙමව්පියන් වශයෙන් එම දරුවන් තිදෙනාගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒ අනුව ඉදිරියට යන්න අපි කටයුතු කලා.

    මගේ පුතා විශිෂ්ඨ ලෙස අපොස සමාන්‍යපෙල විභාගය සමත්විමට රජයේ පෙලපොත් සම්පුර්ණයෙන්ම පරිශිලනය කරා.

    ඊට අමතරව බාහිර පන්ති වලට සහභාගි වුණා. එයාට ඉගැන්විම් කටයුතු සිදු කර සියළුම ගුරුවරුන්ද පුතාගේ දක්ෂතාවය හදුනාගෙන ඔහුට උදව් කලා.

    මෙවැනි දක්ෂ දරුවෝ රටේ ඕනි තරම් ඉන්න පුළුවන්. ඒ අයට නියමිත කාලයට කලින් විභාගයට පෙනි සිටින්න නිතියෙන් ඉඩක් නැ.

    හැබැයි පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන්ට එම අවස්ථාව තියෙනවා.

    ඒ අනුව එම නිතිමය ගැටළුව විසදාදිමට රජයේ වගකිය යුතු නිලධාරින් කටයුතු කලහොත් අධ්‍යාපනයට දක්ෂතා ඇති දරුවන්ගෙන්  රටට විශාල සේවාවක් ලබා ගන්න පුළුවන්.”

    පෙර පුව​තමත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය අවලංගු කෙරේ

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group