පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්ධන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව සඳහන් කළා.
මෙහිදී පාසල් 257ක් පරීක්ෂාවට ලක්කළ අතර එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් සොයා ගත් බවත් ඇය සදහන් කළේ.
එය සියයට 51%ක ප්‍රතිශතයක් බව ද සඳහන් කළ වෛද්‍යවරිය, මදුරු කීටයින් ඇති පාසල් 37ක් හඳුනාගත් බවත් එය සියයට 14.4%ක ප්‍රතිශතයක් බවත් පැවසුවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්












