පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්ධන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව සඳහන් කළා.
මෙහිදී පාසල් 257ක් පරීක්ෂාවට ලක්කළ අතර එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් සොයා ගත් බවත් ඇය සදහන් කළේ.
එය සියයට 51%ක ප්‍රතිශතයක් බව ද සඳහන් කළ වෛද්‍යවරිය, මදුරු කීටයින් ඇති පාසල් 37ක් හඳුනාගත් බවත් එය සියයට 14.4%ක ප්‍රතිශතයක් බවත් පැවසුවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්










