මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසනවා.
ඔහු පවසන්නේ වාර්ෂිකව මෙරටින් මුඛ පිළිකා රෝගීන් 2,000 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පල කළා.
එමෙන්ම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.