ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38 ක් සොයා ගත් බවයි.
කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.












