පාලන මිලට අඩුවෙන් ඉදිරියේදී සහල් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන විට තිබු සහල් මිල සහ මේ වන විට පවතින මිල අතර විශාල වෙනසක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා.
වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවත් යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










