පාරිභෝගික අධිකාරියෙන් බව පවසමින් ව්‍යාපාරිකයන්ට සහ නිෂ්පාදකයින්ට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරියේ සභාපතිවරයා පවසනවා.
ඇමතුමක් ලබා දී භාණ්ඩවල දෝෂ පවතින බව ප්‍රකාශ කරමින් ඔවුන් මෙම ජාවාරම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ .
මෙවැනි ඇමතුමක් ලැබුනහොත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හට 1977 යන ක්ෂණික ඇමතුම් අංකයට හෝ පොලිසියට දැනුම් දිය යුතු බවයි එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා කියා සිටියේ .