Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    • හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
    • ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
    • ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
    • ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව

    පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව

    2024-10-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු  ඇඟවීම්වලින් පැහැදිලි විය.

    ජනාධිපතිවරණ  ප‍්‍රතිඵල ආශ‍්‍රිතව  ඇති වන අවිනිශ්චිත තත්ත්වයන්  දඩමීමා  කර  ගනිමින්  ගැටුම්  ඇවිලවීම  සහ  අවසානයේදී  බංග්ලාදේශයේ  නිර්මාණය කළ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ.

    එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළකා  ගත  හැකි විය.  ඒ පිළිබඳව  අප අවංකව සතුටු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අපගේ ස්තුතිය ප‍්‍රකාශ කරමු.

    අපගේ දේශපාලන කියවා ගැනීම අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉතිහාසය විසින් නිර්මාණය කළ අතිශය තීරණාත්මක ගෝලීය භූ දේශපාලන වාතාවරණයක් සහ දේශීයව ගැඹුරු ආර්ථික සහ සමාජ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් තුළය. යුකේ‍්‍රනය මුල්කරගෙන බටහිර අධිරාජ්‍යවාදී රටවල් විසින් රුසියාවට එරෙහිව දියත් කළ යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ නිර්මාණය කෙරෙමින් පවතින යුද්ධය අද වන විට අධිරාජ්‍යවාදීන්ට යුදමය වශයෙන් පාරා වළල්ලක් බවට පත්වී ඇත. ඒ අතර මැදපෙරදිග ඊශ‍්‍රායලය යොදා ගනිමින් දියත් කෙරෙන රාජ්‍ය ත‍්‍රස්තවාදය ද අවසානයේදී එහි නිර්මාතෘවරුන්ට ආපසු හැරවිය නොහැකි අර්බුදයක් බවට පරිවර්තනය කෙරෙමින් ඇත.

    ඊට සමගාමීව ගෝලීය ඛනිජ තෙල් වෙළඳපළ ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලැබූ ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය නිර්මාණය කිරීම සඳහා ප‍්‍රබල උපාංගයක් ලෙස යොදාගත් ගිවිසුම වසර 50කට පසුව සෞදි අරාබියාව විසින් නැවත බලාත්මක නොකිරීම නිසා ඩොලර් ආධිපත්‍යය මගින් ලෝකය පාලනය කිරීමේ එක් උත්සාහයක් බිඳ වැටී ඇත. එසේම ලෝක ආර්ථිකයෙන් 40%ක් සහ ලෝක ජනගහනයෙන් 60%ක් නියෝජනය කරන BRICS රටවල් සමූහය විසින් සෙසු රටවල් සහභාගී කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය බිඳදැමීම සඳහා නව ගෝලීය මූල්‍ය පද්ධතියක් ආරම්භ කිරීම සමග ඇමෙරිකාව ප‍්‍රමුඛ NATO යුද සන්ධානය බරපතළ උභතෝකෝටිකයකට මුහුණ දී ඇති බව ඉතා පැහැදිලිය.

    පසුගිය දිනවල ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ ආකාරයට ඇමෙරිකාවේ CIA ඔත්තු සේවාවේ ප‍්‍රධානී විලියම් බර්න්ස් සහ බි‍්‍රතාන්‍යයේ MI6 ඔත්තු සේවාවේ ප‍්‍රධානී රිචඞ් මුවර් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ එකට පෙනී සිටිමින් ප‍්‍රකාශ කරන්නේ 21 වැනි සියවසේ බලගතුම අභියෝගයකට මුහුණ දීමට තමාට සිදුවී ඇති බවය. ඔවුන් අභියෝගයට මුහුණ දෙන සෑමවිටම සමස්ත ලෝක ජනතාව අර්බුදයට තල්ලු කිරීම සඳහා යුද්ධය ප‍්‍රවර්ධනය කරන බව රහසක් නොවේ.

    පෙර පුව​තයුධ හමුදාවේ 75 වන සංවත්සරය අදයි
    ඊළඟ පුව​ත වියට්නාම තානාපතිනිය, ජනපති හමුවෙයි – දෙරට අතර ගුවන් ගමන් වැඩිදියුණු කිරීම පිළිබදවත් සාකච්ඡා

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group