තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය කරමින් එම වාර්තාවට සම හිමිකම් කී ඔහු, විශේෂයෙන්ම කඳු නැඟීමේ ශුරයා ලෙසින් මෙරට තුළ අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයෙකුද වනවා. මේ අනුව ඔහු ජීවත්ව සිටින තුරාම එම කීර්තිනාමය කිසිවෙකුට ඉක්මවා යාමට නොහැකි වීමද විශේෂත්වයක්. ඒ.එම්. සුමනවීර මහතාගේ ජීවිතය පා පැදිය සමඟ බැඳී පැවති අතර රත්නපුරය, නිවිතිගල මාර්ගයේ දෑල පිහිටි සිය නිවසේ සිට කොළඹ තෙල් සංස්ථාවේ සේවයටද ඔහු පැමිණ ඇත්තේ පා පැදියෙන් බවයි සඳහන් වන්නේ. ඒ.එම්. සුමනවීර මහතාගේ ආභාෂය ලබමින් ඔහුගේ දරුවන් ද පා පැදි තරග සඳහා ඉදිරිපත් වූ අතර, දියණියන් දෙදෙනෙකු වන ඩිලුක්ෂි සහ අයේෂා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. අභාවප්‍රාප්ත පාපැදි ශූර ඒ. එම්. සුමනවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේදී මල්වල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











