ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් මේ වන විට පසු වන බව වතිකානුව නිවේදනය කරනවා.
කෙසේ වෙතත් උන්වහන්සේගේ ශ්වසන අර්බුදය උත්සන්න වී නොමැති බවයි
ඔවුන් පවසන්නේ.
පාප් වහන්සේට ඔක්සිජන් ප්‍රතිකාරය ලබා දී ඇති අතර උන්වහන්සේව රුධිර පාරවිලයනයකට ද භාජනය කර තිබෙනවා.
රුධිර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ උන්වහන්සේගේ වකුගඩු අකර්මන්‍ය තත්වයක පවතින බවයි.