පානදුර, හිරණ පොලිස් වසමේ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරු වයස අවුරුදු 32 ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පල කරනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා. මෙම වෙඩි තැබීම කුඩු සළිඳු සහ නිලංග නැමැත්තා අතර ඇති වූ ගැටුමේ කුඩු සළිඳු පාර්ශ්වයේ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් බවටයි පොලීසිය සැක පල කරන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්
- මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිල්ලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
- මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
- සූරියකන්ද පොලිසියේ කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි?
- දිට්වා සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ සියලු දෙනාට සෙත්පතා ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක්













