පාකිස්ථානයේ රික්ට මාපකයේ ඒකක 4.0 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
අද අලුයම 1.44 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එරට ජාතික භූ කම්පන පරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.
භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹිරින් පවතින බවද එම නිවේදනයේ සදහන්.
මෙහි කේන්ද්‍රය පොළෝ මට්ටමට ආසන්න වීම හේතුවෙන් ඒකක ප්‍රමාණය අඩු වුවද ඉතා දරුණු බලපෑමේ අවධානමක් සහ ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් තවමත් කිසිදු හානියක් වාර්තා වී නැහැ.